Saturday, August 31, 2019

Nanasa Smart School MIE Expert Challenge


Nanasa Smart School MIE Expert Challenge
සුහුරු පාසල් ව්‍යාපෘතිය MIE Expert අභියෝගය



සුහුරු පාසල් ව්‍යාපෘතිය පිළිබද වැඩසටහන්වලදී එයට සහභාගි වූ ගුරුභවතුන් MIE EXPERT තරගාවලිය සදහා යොමු කරන ලදි. මෙම සටහන එම වැඩසටහන පිළිබදවයි.

MIE EXPERT යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ නවෝත්පාදන සමගින් නවමු ඉගෙනුම් අවස්ථා සිසුන්ට ලබාදෙන ලොව පුරා සිටින ගුරුවරුන් හා විවිධ මට්ටම්වල අධ්‍යාපනඥයන් එකිනෙකා සම්බන්ධ කිරීම හා ඔවුනමෙ දැනුම වැඩි කර ගැනීමට අවස්ථාව ලබා දීම සදහා ගොඩනගා ඇති වැඩසටහනකි.
සෑම වසරකම පවත්වනු ලබන නාමයෝජනා කැදවීමකින් පසුව මෙම තෝරා ගැනීම සිදු කරයි. මෙහිදී ඔවුන් ඉල්ලා  සිටින්නේ ගුරුවරයෙකු වශයෙන් පසුගිය වසරවල ඔබ විසින් ඉටු කරන ලද නවොත්පාදන ඉගෙනුම් අවස්ථා පිළිබදව විස්තර සපයන ලෙසයි. එහිදී විශේෂයෙන් තොරතුරු තාක්ෂණය පදනම් වන අවස්ථා පරීශීලනය අත්‍යාවශ්‍ය වේ. මේ අතර අන් අය මේ ක්ෂේත්‍රය කෙරෙහි උනන්දු කරවීම හා උත්ප්‍රේරණය කිරීම පිළිබදවද සොයා බැලේ.
අදාළ විස්තර ඇතුළත් කර Microsoft sway වැඩසටහන මගින් නිර්මාණය කළ නාමයෝජනාව Microsoft සමාගම වෙත යොමු කිරීමෙන් තරගය සදහා ඉදිරිපත් විය  හැක.
මේ සම්බන්ධ සියළු විස්තර පහත වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක.


Microsoft සමාගම දක්වන ආකාරයට MIE Expert ලෙස තේරී පත් වන අයට පහත අවස්ථා උදා කර ගත හැක..

MIE Experts have the following opportunities:

  • Access to professional and career development opportunities and certifications
  • Share your expertise with world-renowned educators and specialists to scale their innovations
  • Build educator capacity in your community (school, district or at training events) by speaking, training and/or coaching colleagues and inviting them to participate in the online Microsoft Educator Community
  • Participate in focus groups giving feedback to development teams on Microsoft products
  • Test new products while in beta form and participate in pre-release programs for certain education-related tools
  • Represent Microsoft through product demonstrations and by attending events
  • Collaborate with innovative educators around the globe
  • Host regional events showcasing your use of Microsoft technology in the classroom
  • Opportunity to nominate to become a Skype Master Teacher


2019 - 2020 සදහා එසේ ඉදිරිපත් කළ නාමයෝජනා අතරින් අප පාසල් කණ්ඩායම නියෝජනය කරන මනෝජ් ධනංජය ගුරුතුමාගේ නාම යෝජනාවද Microsoft සමාගම විසින් පිළිගෙන 2019 - 2020 වර්ෂ සදහා MIE Expert කෙනෙකු ලෙස තෝරා පත් කර ගෙන ඇත. සුහුරු පාසල් නියෝජිත ගුරුමහතුන් අතරින් එම අවස්ථාව කිහිප දෙනෙකුට පමණක් ලැබී තිබු අතර එවැනි අවස්ථාවක් අප පාසල වෙතද ලැබීම මෙම වැඩසටහනෙන් ලද ජයග්‍රහණයකි.

මෙම තරගාවලිය සදහා ඔහු විසින් ඉදිරිපත් කරන ලද Sway වැඩසටහන පහත ලිපිනය ඔස්සේ නැරඹිය හැක.
https://sway.office.com/m7iAmbH2rpU9n7y2?ref=Link&loc=play



මෙම වැඩසටහන සදහා ඉදිරිපත්වීමෙන් පසු එම විස්තර ඇතුළත් කරන ඔහුගේ ගිණුම පහත ලිපිනය ඔස්සේ නැරඹිය හැක.
https://education.microsoft.com/Status/Public?token=amCEzztl








මෙම වැඩසටහනට ඇතුළත්වීම පිළිබද විස්තර ඇතුළත් පත්‍රිකාවක් ලබා ගැනීම සදහා පහත ලින්ක් එක යොදා ගන්න.

https://drive.google.com/open?id=1sGUr3wdSXkWhZuRDkRBni-j-mSNeatlZ

බ්ලොග් සටහන - මනෝජ් ධනංජය...
















No comments:

Post a Comment