Tuesday, August 27, 2019

Nanasa Smart School Day 04 - 2019/07/19


Nanasa Smart School Day 04 - 2019/07/19
සුහුරු පාසල් ව්‍යාපෘතිය සිව්වන දින වැඩසටහන

මේ වන විට සුහුරු පාසල් ව්‍යාපෘතිය සම්බන්ධ බොහෝ කටයුතු පාසල තුළ ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර සිව්වන වැඩසටහන අද දින පැවැත්විණ.
එහිදී මුලින්ම අවධානය යොමු කළ ප්‍රධාන කරුණක් වූයේ සුහුරු පාසල් ව්‍යාපෘතියේදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන වෙබ් අඩවි ආශ්‍රිත සේවා පිළිබදවයි.

Office 365 ගිණුම
Email – office 365 email
Office 365 email – portal.office.com

Teacher portal













Microsoft Educator Community

Education.microsoft.com












Learn portal












ACTION PLAN
ඉදිරි සති 8ක කාලය සදහා පාසල් තුළ ක්‍රියාත්මක වැඩසටහන් සැලසුම් කිරීම සදහා සැලැස්මක් නිර්මාණය කිරීමද අද දවසේදී සිදු විය.



MICROSOFT FORMS
Microsoft Forms යනු අන්තර්ජාලය මත පදනම්ව විවිධ තොරතුරු රැස්කර ගැනීම සදහා භාවිතා කළ හැකි මෙවලමකි. පාසල් තුලදී සිසුන්ගේ ඇගයීම් කටයුතු වලදී අවශ්‍ය ප්‍රශ්න පත්‍ර මෙම ආකෘති යටතේ ඉදිරිපත් කර ඉතා පහසුවෙන් ඕනෑම තැනක සිට පිළිතුරු සැපයිය හැකි අතර ඒවා ඇගයීම් කටයුතු ස්වයංක්‍රීයව සිදු කළ හැකි අතර අවසානයේ ඇගයීම් තොරතුරු ගබඩා කර ගැනීමද සිදු කළ හැකිය.










Form එකක් පිළිබද අදහසක් දැන ගැනීම සදහා පහත අධිසන්ධානය ක්ලික් කර බලන්න..


මෙවැනි Form එකක් නිර්මාණය කළ පසු එයට පිවිසීම සදහා URL එකක් ලබා ගත හැකි අතර එය වඩා ක්‍රමවත්ව සරල කර දැක්වීම සදහා වෙනත් වෙබ් අඩවියක සේවා ලබා ගැනීමට සිදු වේ.
TinyUrl වෙබ්  අඩවිය හරහා මෙය ඉතා පහසුවෙන් සිදු කළ හැකිය.












ANIMATION VIDEO
සුහුරු පාසල් සංකල්පයේදී වඩා වැඩි වැදගත්කමක් ලබා දිය යුත්තේ සිසුන්ට ඉතා පහසුවෙන් තාක්ෂණය හරහා තම අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යාමට පහසුකම් සැපයීමයි. එහිදී බහුමාධ්‍ය තාක්ෂණය ඔස්සේ පාඩම් නිර්මාණය කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තකි. මෙවැනි කටයුත්තකදී ඉතා පහසුවෙන් එම කටයුත්ත කර ගැනීම උදෙසා භාවිතා කළ හැකි මෘදුකාංග රැසකි.

PAWTOON SOFTWARE


















ICECREAMAPPS

Icecreamapps යනු වීඩියෝ සංස්කරණය කිරීමේදී අවශ්‍ය විවිධ අමතර කටයුතු සදහා යොදා ගත හැකි මෘදුකාංගයකි.
















ANIMAKER


















SKYPE LECTURE


සවස් වරුවේ පැවති විශේෂ වැඩසටහනක් වූයේ Skype තාක්ෂණය ඔස්සේ පැවති දේශණයයි. මානසික සෞඛ්‍යය පිළිබදව දේශණය පැවති අතර එහිදි එය පවත්වන ලද්දේ Skype තාක්ෂණය ඔස්සේය. කාන්තාවන්ට බලපාන විවිධ ගැටළු පිළිබදව අවශ්‍ය විසදුම් ලබා ගැනීම සදහා වැදගත් වෙබ් අඩවියක් ලෙස ඩයලොග් ආයතනය විසින් හදුන්වා දී ඇති Yeheli වෙබ් අඩවිය හා ජංගම දුරකථන යෙදුම හදුන්වා දෙන ලදි.


















HOUR OF CODE - MINECRAFT

කෝඩ් ලියන පැය....
පරිගණකකින් යම් කාර්යයක්  සම්පූර්ණ කර ගැනීම සදහා එයට අවශ්‍ය උපදෙස් ලබා දීමට සිදු වේ. එහිදී පරිගණක භාෂා මගින් පරිගණකයට අවශ්‍ය උපදෙස් ලබා දෙයි.
ක්‍රමලේඛණය පරිගණක විද්‍යාව තුළ ඇති ඉතා වැදගත් ක්ෂේත්‍රයක් වන අතර එයට පිවිසීම සදහා මනා හුරුවක් ලබා ගැනීම සදහා නිර්මාණය කර ඇති තුළින් Hour of code - Mine craft විනෝදයක් ලබා ගනිමින්ම ප්‍රෝග්‍රෑම්කරණයට පිවිසීමට අවස්ථාව ලබා දෙයි.














Hour Of Code in You Tube......




YAMMER
YAMMER යනු office 365 තුළ ඇති සමාජීය ජාල පහසුකම් සපයන සේවාවකි.















BLOG SITE
එක් පුද්ගලයකු විසින් නිර්මාණය කරනු ලබන BLOG SITE  එකක් වෙනත් පුද්ගලයන්ට ලිපි එක් කළ හැකි පරිදි සැකසුම් සකස් කළ හැකිය.
මේ සදහා පහත පින්තූරවල පරිදි පියවර අනුගමනය කළ හැකිය.















බ්ලොග් අඩවියකට විවිධ සංස්කාරකවරුන් ඇතුළත් කිරීම...
















වෙබ් අඩවියක් ඇසුරෙන් ප්‍රශ්ණවිචාරාත්මක වැඩසටහනක් පවත්වමු.
Kahoot.it යන වෙබ් අඩවිය භාවිතා කරමින් සිසුන් කණ්ඩායමකට එකවර සහභාගි විය හැකි ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනක් පැවැත්වීම සිදු කළ හැකිය. මෙහිදී එක් ප්‍රශ්ණයක් ප්‍රධාන තිරයක සියළු දෙනාට පෙනෙන්නට සලස්වන අතර පිළිතුරු ලබා දීම සදහා එකම කාලයක් ලබා දේ. ඉක්මනින්ම පිළිතුරු ලබා දුන් පුද්ගලයාට ලකුණ හිමි වේ.
සිසුන්ගේ දැනුම පරීක්ෂා කරන කණ්ඩායම් ක්‍රීඩාවක් වශයෙන් මෙය ඉතා සාර්ථකව සිදු කළ හැක.






























බ්ලොග් සටහන - මනෝජ් ධනංජය....

No comments:

Post a Comment