Tuesday, July 30, 2019


Nanasa Smart School Day 0- 2019/05/28
සුහුරු පාසල් ව්‍යාපෘතිය දෙවන දින වැඩසටහන

අද දින සුහුරු පාසල් වැඩටහනේදී සුහුරු තානාපති කණ්ඩායමට අමතරව පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමාද වැඩසටහනට සහභාගි විය.
එහිදි පහත සදහන් වැඩසටහන් පැවැත්වෙන ලදි.

සුහුරු පාසල් ව්‍යාපෘතිය සදහා පාසල් මට්ටමේ සැලසුමක් නිර්මාණය කිරීම.
එක් එක් පාසල වෙනුවෙන් වෙන වෙනම ක්‍රියාත්මක කිරීම සදහා ගැලපෙන සැලැස්මක් නිර්මාණය කිරීම වැඩසටහනේ මුල් අදියරේදී පැවැත්විණ.
එහිදි අප පාසලෙන් සහභාගි වූ නියෝජ්‍ය විදුහල්පති අනිල් ගුණරත්න මහතාගේද සහාය ඇතිව පහත පරිදි අප පාසල වෙනුවෙන් සැලැස්මක් නිර්මාණය කරන ලදි.

















තිරසාර සංවර්ධනය පිළිබ දේශණය

පරිසරය රැකෙන පරිදි සංවර්ධන කටයුතු කරගෙන යා යුතු ආකාරය හා නූතන සමාගම් විසින් එහිදී අනුගමනය කරන දේවල් පිළිබදව මෙහිදී දැනුවත්භාවය ලබා දෙන ලදි.

වළාකුළු පරිගණක සංකල්පය (Cloud computing)

පෞද්ගලික පරිගණක ඇතුළු සියළු පරිගණක ජාල සහ ජංගම මෙවලම් සියල්ලත් රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතා ඔස්සේ ඒකාබද්ධව අවශ්‍ය ඕනෑම මොහොතක, ඕනෑම තැනක සිට තොරතුරු ලබා ගැනීමට හා තැන්පත් කිරීමට පහසුකම් සලසන ක්‍රමය වළාකුළු පරිගණක සංකල්පය ලෙස හැදින්වේ.
·       යටිතල පහසුකම් සේවාවක්
·       මෘදුකාංග සේවාවක්
·       සංවර්ධන පරිසර සේවාවක්
ලෙස වළාකුළු පරිගණක සේවා මගින් විවිධ පහසුකම් සපයයි.

OFFICE 365

මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් හදුන්වා දී ඇති වළාකුළු පරිගණක සේවාව (Cloud Computing) තුළ ක්‍රියාත්මක මාර්ගගත කාර්යාල ස්වයංකරණ මෘදුකාංග කට්ටලය මෙලෙස හදුන්වයි. 
One drive තුළදී 1TB දත්ත ගබඩා කර ගැනීමේ ඉඩක් ලැබේ. මෙම සේවාව මුදල් ගෙවා ලබා ගත යුතු සේවාවක් වන අතර පාසල් සහා මෙම සේවය නොමිලේ ලබා දෙනු ලබයි. ඒ අනුව Nanasa smart school වැඩසටහන හරහා අප පාසලටද office 365 සේවාව නොමිලේ ලැබෙනු ඇත.
අද දිනය තුළදී සුහුරු පාසල් කණ්ඩායම වෙත එම සාමාජිකයන්ගේ ගිණුම් සහා පිවිසුම ලබා දෙන ලදි.















එසේම ඉදිරියේදී අප පාසලේ සෑම ගුරුභවතෙකුටම හා සෑම සිසු සිසුවියෙකුටම තමන්ටම ආවේණික නමකින් ගිණුමක් ලැබෙනු ඇත.
ඒ හරහා office 365 හා one drive සේවාව භුක්ති විදීමටත් outlook විද්‍යුත් තැපැල් පහසුකමත් නොමිලයේම ලැබේ.









  

           ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේ සියළු ගුරුභවතුන් හා සිසු දරු දැරියන් ඉදිරියේදී පරිගණක විද්‍යාගාරය හා සම්බන්ධ වී ඔබට හිමි ගිණුමේ විස්තර ලබා ගෙන මෙම සියළු සේවාවන් නොමිලේ භුක්ති විදින්න.

- බ්ලොග් සටහන - මනෝජ් ධනංජය 
(සුුහුරු පාසල් තානාපති, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරු)










No comments:

Post a Comment