Sunday, August 25, 2019

Nanasa Smart School Day 03 - 2019/06/21

Nanasa Smart School Day 03 - 2019/06/21

සුහුරු පාසල් ව්‍යාපෘතිය තෙවන දින වැඩසටහන

අද දින සුහුරු පාසල් වැඩසටහන වෙන්ව තිබුනේ office 365 වැඩසටහන තුළ ඇති පහසුකම් පිළිබදව අධ්‍යයනය කිරීම සදහායි.



Office 365 හා ලියාපදිංචි වීමෙන් පසුව ඒ තුළ ඇති පහසුකම් භාවිතා කිරීමේ අවස්ථාව උදා වේ. Office 365 තුළ ඇති word මෘදුකාංගය භාවිතා කර අප කණ්ඩායම විසින් ලේඛණයක් නිර්මාණය කළ අතර එම ලේඛණය සුහුරු පාසල් කණ්ඩායමේ සාමාජිකයන් අතර බෙදා ගෙන (share) එකම ලේඛණය එකම මොහොතේ එක් අයෙකුට වැඩි පිරිසක් සංස්කරණය කරන ආකාරය අත්හදා බැලීමට අවස්ථාව උදා විය.


Office 365 තුළදි නිර්මාණය කරන ගොනු one drive තුළ ස්වයංක්‍රීයව ගබඩා වේ. ඒ නිසා එම ගොනු සඳහා පිවිසීම ඕනෑම පරිගණකයක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වී සිදු කර ගත හැකිය.

එසේම එම ලේඛණ office 365 සමග සම්බන්ධ වී සිටින ඕනෑම අයෙකුට හෝ තම සංවිධානයේ අය සමග පමණක් හෝ බෙදා ගත හැකිය. එහිදී එසේ සම්බන්ධ වන ඕනෑම අයෙකුට එම ලේඛණ සංස්කරණය කළ හැක. මෙම ක්‍රමය යොදා ගෙන පාසලක වාර විභාග ලකුණු සකස්කිරීම වැනි කාර්යයකදී පහසුවෙන් එම කාර්යය සම්පූර්ණ කළ හැක.
එසේම එකම ලේඛණයක් සංස්කරණය කිරීමේදී එසේ සම්බන්ධ වන පිරිසට එකිනෙකා සමග සංවාද කිරීමේ හැකියාවද ඇත. (chat)
නිර්මාණය කරන ලේඛණයක් කියවන විට ඇසීමේ පහසුකමද ඇත. (Immersive Reader)



Office 365 powerpoint

Office 365 powerpoint යනු ඉදිරිපත් කිරීම් සදහා ඇති මෘදුකාංගයයි.
Power point මෘදුකාංගයෙන්ද ඉදිරිපත් කිරීමක් නිර්මාණය කළ අතර මෙහි විශේෂත්වය රාශීයකි.
අන්තර්ජාලය මත පදනම් වූ සේවාවක් නිසා මෙහිදී අප විසින් ඇතුළත් කරන මාතෘකාව අනුව ගැලපෙන තේමා පින්තූර ආදිය ඒ මොහොතේම අන්තර්ජාලය පිරික්සීමෙන් ලැබේ.

අන්තර්ජාලය සුරක්ෂිතව භාවිතා කිරීම.  Online Safety
අන්තර්ජාලය අනිසි ලෙස භාවිතය නිසා පාසල් ළමුන් ඇතුළු සමස්ත ප්‍රජාව මුහුණ දෙන ගැටළු හා ඒවායින් මිදෙන ආකාරය පිළිබව කුරුණෑගල ජාතික ළමා ආරක්ෂක නිලධාරි මදාරා නුවරපක්ෂ මහත්මිය විසින් පවත්වන ලද හරබර දේශණයක් සහා සහභාගි වීමට අවස්ථාව ලැබිණ.

  
SWAY App in Office 365

Office 365 තුළ අඩංගු මෙම මෘදුකාංගය මගින් නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් පහසුවෙන් සකස් කළ හැකිය. අප කණ්ඩායමේ සියළු දෙනා මෙම මෘදුකාංගය භාවිතයෙන් නිර්මාණ සකස් කළ අතර ඒවා office 365 තුළ share කර ගනිමින් නැරඹ්මද සිදු කළෙමු.
<iframe width="760px" height="500px" src="https://sway.office.com/s/m7iAmbH2rpU9n7y2/embed" frameborder="0" marginheight="0" marginwidth="0" max-width="100%" sandbox="allow-forms allow-modals allow-orientation-lock allow-popups allow-same-origin allow-scripts" scrolling="no" style="border: none; max-width: 100%; max-height: 100vh" allowfullscreen mozallowfullscreen msallowfullscreen webkitallowfullscreen></iframe>


Google Map
ගූගල් සිතියම් යනු ගූගල් විසින් සංවර්ධනය කරන ලද වෙබ් සිතියම්කරණ 
සේවාවකි. එය චන්ද්‍රිකා නිරූපණ, ගුවන් ඡායාරූපකරණය, වීදි සිතියම්, 
වීදිවල 360 ° දර්ශන, තත්‍ය කාලීන ගමනාගමන තත්ත්වයන් සහ පයින්, 
කාර්, බයිසිකල් සහ ගුවන් හෝ පොදු ප්‍රවාහනය සඳහා ගමන් සැලසුම් කිරීම
සපයයි. 
Google map තුළදී contributor කෙනෙකු වී තමන් ගමන් ගන්නා ස්ථාන 
පිළිබව ජායාරූප එකතු කිරීම මගින් points උපයා ගැනීමේ හැකියාව ඇත.
 
Wikipedia
විකිපීඩියාව යනු විකී මත පදනම් වූ අන්තර්ගත සංස්කරණ පද්ධතියක් හරහා
 විවෘත සහයෝගීතාවය මත පදනම් වූ බහුභාෂා ඔන්ලයින් විශ්වකෝෂයකි. 
එය ලෝක ව්‍යාප්ත වෙබ් අඩවියේ විශාලතම හා වඩාත්ම ජනප්‍රිය 
පොදු විමර්ශන කෘතිය වන අතර එය 2019 ජුනි වන විට ඇලෙක්සා විසින් 
ශ්‍රේණිගත කරන ලද වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවියකි.
Wikipedia තුළ ගිණුමක් නිර්මාණය කරගෙන wiki editor කෙනෙකු බවට
පත් වීමේ වැදගත්කම අද දින වැඩසටහනේදී පැහැදිලි කර ගන්නා ලදි.
 
You Tube
You Tube චැනලයක් නිර්මාණය කර ගන්නා ආකාරය හා එයට වීඩියෝ
අන්තර්ගත කරන ආකාරයද අද දින වැඩසටහනේදී පැහැදිලි කර දුන් අතර
අප සුහුරු පාසල් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකුගේ ගිණුම්වල 
විස්තර පහත පරිදි වේ.
https://www.youtube.com/user/manojdhananjaya1

 https://www.youtube.com/channel/UCSgnd3rwjbTqu8nxOpBuaqw/videos

 බ්ලොග් සටහන - මනෝජ් ධනංජය (සුහුරු පාසල් කණ්ඩායම් සාමාජික) 


 

No comments:

Post a Comment