Tuesday, July 30, 2019


Nanasa Smart School Day 02 - 2019/05/28
සුහුරු පාසල් ව්‍යාපෘතිය දෙවන දින වැඩසටහන

අද දින සුහුරු පාසල් වැඩටහනේදී සුහුරු තානාපති කණ්ඩායමට අමතරව පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමාද වැඩසටහනට සහභාගි විය.
එහිදි පහත සදහන් වැඩසටහන් පැවැත්වෙන ලදි.

සුහුරු පාසල් ව්‍යාපෘතිය සදහා පාසල් මට්ටමේ සැලසුමක් නිර්මාණය කිරීම.
එක් එක් පාසල වෙනුවෙන් වෙන වෙනම ක්‍රියාත්මක කිරීම සදහා ගැලපෙන සැලැස්මක් නිර්මාණය කිරීම වැඩසටහනේ මුල් අදියරේදී පැවැත්විණ.
එහිදි අප පාසලෙන් සහභාගි වූ නියෝජ්‍ය විදුහල්පති අනිල් ගුණරත්න මහතාගේද සහාය ඇතිව පහත පරිදි අප පාසල වෙනුවෙන් සැලැස්මක් නිර්මාණය කරන ලදි.

















තිරසාර සංවර්ධනය පිළිබඳ දේශණය

පරිසරය රැකෙන පරිදි සංවර්ධන කටයුතු කරගෙන යා යුතු ආකාරය හා නූතන සමාගම් විසින් එහිදී අනුගමනය කරන දේවල් පිළිබදව මෙහිදී දැනුවත්භාවය ලබා දෙන ලදි.

වළාකුළු පරිගණක සංකල්පය (Cloud computing)

පෞද්ගලික පරිගණක ඇතුළු සියළු පරිගණක ජාල සහ ජංගම මෙවලම් සියල්ලත් රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතා ඔස්සේ ඒකාබද්ධව අවශ්‍ය ඕනෑම මොහොතක, ඕනෑම තැනක සිට තොරතුරු ලබා ගැනීමට හා තැන්පත් කිරීමට පහසුකම් සලසන ක්‍රමය වළාකුළු පරිගණක සංකල්පය ලෙස හැදින්වේ.
·       යටිතල පහසුකම් සේවාවක්
·       මෘදුකාංග සේවාවක්
·       සංවර්ධන පරිසර සේවාවක්
ලෙස වළාකුළු පරිගණක සේවා මගින් විවිධ පහසුකම් සපයයි.

OFFICE 365

මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් හදුන්වා දී ඇති වළාකුළු පරිගණක සේවාව (Cloud Computing) තුළ ක්‍රියාත්මක මාර්ගගත කාර්යාල ස්වයංකරණ මෘදුකාංග කට්ටලය මෙලෙස හදුන්වයි. 
One drive තුළදී 1TB දත්ත ගබඩා කර ගැනීමේ ඉඩක් ලැබේ. මෙම සේවාව මුදල් ගෙවා ලබා ගත යුතු සේවාවක් වන අතර පාසල් සඳහා මෙම සේවය නොමිලේ ලබා දෙනු ලබයි. ඒ අනුව Nanasa smart school වැඩසටහන හරහා අප පාසලටද office 365 සේවාව නොමිලේ ලැබෙනු ඇත.
අද දිනය තුළදී සුහුරු පාසල් කණ්ඩායම වෙත එම සාමාජිකයන්ගේ ගිණුම් සඳහා පිවිසුම ලබා දෙන ලදි.















එසේම ඉදිරියේදී අප පාසලේ සෑම ගුරුභවතෙකුටම හා සෑම සිසු සිසුවියෙකුටම තමන්ටම ආවේණික නමකින් ගිණුමක් ලැබෙනු ඇත.
ඒ හරහා office 365 හා one drive සේවාව භුක්ති විදීමටත් outlook විද්‍යුත් තැපැල් පහසුකමත් නොමිලයේම ලැබේ.









  

           ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේ සියළු ගුරුභවතුන් හා සිසු දරු දැරියන් ඉදිරියේදී පරිගණක විද්‍යාගාරය හා සම්බන්ධ වී ඔබට හිමි ගිණුමේ විස්තර ලබා ගෙන මෙම සියළු සේවාවන් නොමිලේ භුක්ති විදින්න.

- බ්ලොග් සටහන - මනෝජ් ධනංජය 
(සුුහුරු පාසල් තානාපති, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරු)










Wednesday, July 24, 2019

Nanasa Smart School Day 01


Nanasa Smart School Day 01
2019/03/29
සුහුරු පාසල් ව්‍යාපෘතිය පළමු දින වැඩසටහන

Dialog, Headstart හා Microsoft යන ආයතනවල දායකත්වයෙන් හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන සුහුරු පාසල් ව්‍යාපෘතිය සඳහා අප පාසල විසින් යොමු කරන ලද අයදුම්පත්‍රය සලකා බැලීමෙන් පසුව හා පාසල වෙත කරන ලද නිරීක්ෂණ වැඩසටහනෙන් පසුව අප පාසලද මෙම ව්‍යාපෘතිය සඳහා තෝරා ගත් බව ව්‍යාපෘති කණ්ඩායම විසින් අප වෙත දැනුම් දෙන ලදි. එය ඉතා සතුටුදායක පුවතක් වූ අතර මේ වන විට පාසලේ පවත්වාගෙන යන තොරතුරු සන්නිවේදනය ආශ්‍රිත ක්‍රියාකාරකම් තව දුරටත් සාර්ථක කර ගැනීමට මෙය මහගු පිටුවහලක් වනු ඇත.
ඒ අනුව අප පාසලේ 6 දෙනෙකුගෙන් යුත් සුහුරු පාසල් තානාපති කණ්ඩායම 2017.03.29 දින ප්‍රථම පුහුණු වැඩසටහන සදහා මහනුවර ICBT ආයතනයේදී සහභාගි විය.

සුහුරු පාසල් සංකල්පය හා එය පාසල් තුළ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මනා දැනුමක් ලබා ගැනීමට එය ඉවහල් විය.
එහිදි අප කණ්ඩාමය විසින් එකතු කර ගත් දැනුම මෙසේ ඔබ වෙතද ලබා දෙන්නේ අප පාසල හා සම්බන්ධ ගුරු, ශිෂ්‍ය හා අනෙකුත් ප්‍රජාවද මෙම ව්‍යාපෘතියේම කොටසක් වන බැවිනි.

අධ්‍යාපන කටයුතුවලදී වැදගත් වන විවිධ වෙබ් අඩවි

·       Guru.lk
·       E – thaksalawa
·       W3C School
·       Khan academy

පරිගණක මූලික දැනුම

සුහුරු පාසලක් ගොඩ නැගීමට නම් පරිගණක දෘඩාංග භාවිතය හා මෘදුකාංග පිළිබඳ දැනුමක් ලබා ගැනීමද අත්‍යාවශ්‍ය කාරණයක් වේ. මේ නිසා පාසලේ සියළු ගුරුභවතුන් මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් අවශ්‍ය දැනුම පරිගණක විද්‍යාගාරය හා සම්බන්ධ වී ලබා ගන්නා ලෙසත් දන්වා සිටිමු.
ඔබ සිංහල යතුරුලියනය පුහුණු වන්නෙක් නම් පහත වෙබ් අඩව් හරහා ඔබට ඉතා පහසුවෙන් එය ඉටු කර ගත හැකිය.

  • UCSE Converter – Real time Unicode converter
  • Tanglish converter ( For Tamil Unicode translation)
  • Gishan converter ( type in Singlish and convert it to Unicode)
  • Tamiltyping.in
  • Google input tools
  • Helakuru – Digital Sinhala keyboard(voice typing also included)
  • පැන්සල
  • FM to Unicode (UCSC) ( converting fm fonts to Unicode)


Smart Learning

School.guru.lk බෙබ් අඩවිය Dialog ආයතනය මගින් පවත්වාගෙන යන අධ්‍යාපන ද්වාරයකි. මෙහි ගිණුමක් නිර්මාණය කර ගැනීම මගින් ලියාපදිංචි වන ගුරුභවතුන්ට අධ්‍යාපනික පහසුකම් රැසක් භුක්ති විදිය හැකිය.




Microsoft Community Portal














මයික්‍රොසොෆ්ට් අධ්‍යාපන ප්‍රජාව පිළිබදව මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් පහත පරිදි හදුන්වා දෙයි..

මයික්‍රොසොෆ්ට් අධ්‍යාපන ප්‍රජාව යනු ඉගැන්වීම සහ ඉගෙනීම සඳහා මයික්‍රොසොෆ්ට් නිෂ්පාදන භාවිතා කරන අධ්‍යාපනඥයින්ට සහාය වීම සහ පුහුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති නිදහස් වෘත්තීය ඉගෙනුම් වේදිකාවකි. වින්ඩෝස් 10 හි ඔබේ කුසලතා ගොඩනඟා ගන්න, අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්නාවලියක් ලබාගෙන සහතික කළ මයික්‍රොසොෆ්ට් නවෝත්පාදන අධ්‍යාපනඥයෙකු වීමට ලාංඡන උපයා ගන්න. ලියාපදිංචි වූ පසු ඔබට පාඨමාලා, සම්පත්, පුහුණුව සහ පාඩම් සොයා ගත හැකි අතර ලාංඡන සහ සහතික උපයා ගත හැකිය. ඔබ වැනි අධ්‍යාපනඥයින් සඳහා නිර්මාණය කරන ලද මෙම පුද්ගලාරෝපිත කේන්ද්‍රය තුළ ඔබ ලොව පුරා සිටින උගතුන් සමඟ සම්බන්ධ වී සහයෝගයෙන් කටයුතු කළ හැක.

MIE හිදී මයික්‍රොසොෆ්ට් මෙවලම් පන්ති කාමරයේ භාවිතා කරන අතර අධ්‍යාපනයේ තාක්‍ෂණය යොදා ගැනීමේ මූලධර්ම ඉගෙන ගෙන ඇත. ඉගෙනීමට, බෙදාහදා ගැනීමට සහ වර්ධනය වීමට එකට එක්වන උද්යෝගිමත් අධ්‍යාපනඥයින්ගේ වෘත්තීය ජාලයකට සම්බන්ධ වීමේ ආකර්ෂණීය ගමනක පළමු පියවර මෙයයි. MIE එකක් වීමට ඔබට ලකුණු උපයා ගත හැකි ආකාරය ඉගෙන ගන්න.



සුහුරු පාසල් තානාපති කණ්ඩායම මයික්‍රොසොෆ්ට් අධ්‍යාපන ප්‍රජාව හා එක්ව කටුයුතු කරන අතර ඔවුන් එහි පාඨමාලා හැදෑරීමද සිදු කරති.
        සුහුරු පාසල් තානාපති මනෝජ් ධනංජය ගේ ගිණුමේ සටහනක්...




      

      
         සුහුරු පාසල් තානාපති  සචිත්‍රා ප්‍රභානි සමින්දිකා ගේ ගිණුමේ සටහනක්...

අප පාසලේ අනෙකුත් ගුරුභවතුන්ටත් මෙවැනි ගිණුම් නිර්මාණය කර ගෙන පාඨාමාලා හැදෑරිය හැකි අතර ඒ මගින් තම දැනුම වැඩි දියුණු කර ගැනීමට හා දැනුම බෙදා හදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
වැඩි විස්තර සඳහා පහත ලේඛණය බාගත කර ගන්න.


Blog Sites

බ්ලොග් අඩවියක් (“වෙබ්ලොග්”) යනු කාලානුක්‍රමික පිළිවෙලට තොරතුරු පෙන්වන ඔන්ලයින් ජර්නලයක් හෝ තොරතුරු වෙබ් අඩවියකි. එය ලේඛකයෙකු හෝ ලේඛකයින් කණ්ඩායමක් පවා තනි විෂයයක් පිළිබඳව තම අදහස් බෙදා ගන්නා වේදිකාවකි.
අප පාසල සඳහාද මෙලෙස බ්ලොග් අඩවියක් සුහුරු පාසල් තානාපති කණ්ඩායම විසින් පවත්වාගෙන යන අතර පහත ලිපිනයෙන් ඔබට ඒ සඳහා පිවිසිය හැක.

සුහුරු පාසල් ව්‍යාපෘතිය පිළිබදව විශේෂයෙන් දැන ගැනීම සදහා



පුහුණු වැඩසටහන අතරතුරදී ලබාගත් ජායාරූප කිහිපයක්.......





















 බ්ලොග් සටහන - මනෝජ් ධනංජය ( තොරතුරු තාක්ෂණ විෂය ගුරු)
     manojdhananjaya@gmail.com