Tuesday, August 27, 2019


Hour of Code – Minecraft….

      


පසුගිය දිනවල සුහුරු පාසල් වැඩසටහනේදී අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබැණු වැඩසටහන ප්‍රායෝගිකව සිසුන්ට හදුන්වාදීම අප  පාසලේ පරිගණක විද්‍යාගාරය තුළදී සිදු කෙරිණ. මෙහිදී 10 ශ්‍රේණිය විෂයය හදාරණ සිසුන්ට මෙම වැඩසටහන හදුන්වා දුන් අතර මුල් හදුන්වාදීමේ වැඩසටහනෙන් පසුව ඔවුන් ඉතා උද්යෝගයෙන් එම වැඩසටහනේ ඉදිරි කොටස් සම්පූර්ණ කරන ලදි.

2019 දෙවන පාසල් වාර විභාගය අවසාන වී 10 ශ්‍රේණියේ සිසුන්ට විවේක දින කිහිපයක් ලැබුණු අතර එම දිනවලදී සිසුන් පරිගණක විද්‍යාගාරය තුළදී මෙම වැඩසටහනට සහභාගි විය.
මෙහිදී ඇති වූ විශේෂ තත්වයක් වූයේ මුල් දින කිහිපයේ සහභාගි වූ සිසුන්ගේ යොමු කිරීම මත වෙනත් සිසුන්ද වැඩසටහන සදහා සහභාගි වීමයි. තවද පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුත්තකදී මෙන් නොව සිසුන් ඔවුනට මතු වන ගැටළු ඔවුන් විසින්ම විමසා උද්යෝගයෙන් යුතුව ඒවාට විසදුම් ලබා ගැනීම මෙහිදී සිදු විය.

පහතින් දැක්වෙන්නේ එසේ සිසුන් සහභාගි වූ අවස්ථා කිහිපයකි.
































මෙම සිසුන් Hour Of Code – Minecraft තුළින් සහතික පත් දිනා ගත් අතර ඒවා කිහිපයක් පහතින් දැක්වේ.













Hour of Code වැඩසටහන හදුන්වාදීම හා බ්ලොග් සටහන 
- මනෝජ් ධනංජය...

No comments:

Post a Comment