Wednesday, July 24, 2019

Nanasa Smart School Day 01


Nanasa Smart School Day 01
2019/03/29
සුහුරු පාසල් ව්‍යාපෘතිය පළමු දින වැඩසටහන

Dialog, Headstart හා Microsoft යන ආයතනවල දායකත්වයෙන් හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන සුහුරු පාසල් ව්‍යාපෘතිය සහා අප පාසල විසින් යොමු කරන ලද අයදුම්පත්‍රය සලකා බැලීමෙන් පසුව හා පාසල වෙත කරන ලද නිරීක්ෂණ වැඩසටහනෙන් පසුව අප පාසලද මෙම ව්‍යාපෘතිය සහා තෝරා ගත් බව ව්‍යාපෘති කණ්ඩායම විසින් අප වෙත දැනුම් දෙන ලදි. එය ඉතා සතුටුදායක පුවතක් වූ අතර මේ වන විට පාසලේ පවත්වාගෙන යන තොරතුරු සන්නිවේදනය ආශ්‍රිත ක්‍රියාකාරකම් තව දුරටත් සාර්ථක කර ගැනීමට මෙය මහගු පිටුවහලක් වනු ඇත.
ඒ අනුව අප පාසලේ 6 දෙනෙකුගෙන් යුත් සුහුරු පාසල් තානාපති කණ්ඩායම 2017.03.29 දින ප්‍රථම පුහුණු වැඩසටහන සදහා මහනුවර ICBT ආයතනයේදී සහභාගි විය.

සුහුරු පාසල් සංකල්පය හා එය පාසල් තුළ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබව මනා දැනුමක් ලබා ගැනීමට එය ඉවහල් විය.
එහිදි අප කණ්ඩාමය විසින් එකතු කර ගත් දැනුම මෙසේ ඔබ වෙතද ලබා දෙන්නේ අප පාසල හා සම්බන්ධ ගුරු, ශිෂ්‍ය හා අනෙකුත් ප්‍රජාවද මෙම ව්‍යාපෘතියේම කොටසක් වන බැවිනි.

අධ්‍යාපන කටයුතුවලදී වැදගත් වන විවිධ වෙබ් අඩවි

·       Guru.lk
·       E – thaksalawa
·       W3C School
·       Khan academy

පරිගණක මූලික දැනුම

සුහුරු පාසලක් ගොඩ නැගීමට නම් පරිගණක දෘඩාංග භාවිතය හා මෘදුකාංග පිළිබ දැනුමක් ලබා ගැනීමද අත්‍යාවශ්‍ය කාරණයක් වේ. මේ නිසා පාසලේ සියළු ගුරුභවතුන් මේ පිළිබව සැලකිලිමත් වන ලෙසත් අවශ්‍ය දැනුම පරිගණක විද්‍යාගාරය හා සම්බන්ධ වී ලබා ගන්නා ලෙසත් දන්වා සිටිමු.
ඔබ සිංහල යතුරුලියනය පුහුණු වන්නෙක් නම් පහත වෙබ් අඩව් හරහා ඔබට ඉතා පහසුවෙන් එය ඉටු කර ගත හැකිය.

  • UCSE Converter – Real time Unicode converter
  • Tanglish converter ( For Tamil Unicode translation)
  • Gishan converter ( type in Singlish and convert it to Unicode)
  • Tamiltyping.in
  • Google input tools
  • Helakuru – Digital Sinhala keyboard(voice typing also included)
  • පැන්සල
  • FM to Unicode (UCSC) ( converting fm fonts to Unicode)


Smart Learning

School.guru.lk බෙබ් අඩවිය Dialog ආයතනය මගින් පවත්වාගෙන යන අධ්‍යාපන ද්වාරයකි. මෙහි ගිණුමක් නිර්මාණය කර ගැනීම මගින් ලියාපදිංචි වන ගුරුභවතුන්ට අධ්‍යාපනික පහසුකම් රැසක් භුක්ති විදිය හැකිය.




Microsoft Community Portal














මයික්‍රොසොෆ්ට් අධ්‍යාපන ප්‍රජාව පිළිබදව මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් පහත පරිදි හදුන්වා දෙයි..

මයික්‍රොසොෆ්ට් අධ්‍යාපන ප්‍රජාව යනු ඉගැන්වීම සහ ඉගෙනීම සඳහා මයික්‍රොසොෆ්ට් නිෂ්පාදන භාවිතා කරන අධ්‍යාපනයින්ට සහාය වීම සහ පුහුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති නිදහස් වෘත්තීය ඉගෙනුම් වේදිකාවකි. වින්ඩෝස් 10 හි ඔබේ කුසලතා ගොඩනඟා ගන්න, අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්නාවලියක් ලබාගෙන සහතික කළ මයික්‍රොසොෆ්ට් නවෝත්පාදන අධ්‍යාපනයෙකු වීමට ලාංඡන උපයා ගන්න. ලියාපදිංචි වූ පසු ඔබට පාඨමාලා, සම්පත්, පුහුණුව සහ පාඩම් සොයා ගත හැකි අතර ලාංඡන සහ සහතික උපයා ගත හැකිය. ඔබ වැනි අධ්‍යාපනයින් සඳහා නිර්මාණය කරන ලද මෙම පුද්ගලාරෝපිත කේන්ද්‍රය තුළ ඔබ ලොව පුරා සිටින උගතුන් සමඟ සම්බන්ධ වී සහයෝගයෙන් කටයුතු කළ හැක.

MIE හිදී මයික්‍රොසොෆ්ට් මෙවලම් පන්ති කාමරයේ භාවිතා කරන අතර අධ්‍යාපනයේ තාක්‍ෂණය යොදා ගැනීමේ මූලධර්ම ඉගෙන ගෙන ඇත. ඉගෙනීමට, බෙදාහදා ගැනීමට සහ වර්ධනය වීමට එකට එක්වන උද්යෝගිමත් අධ්‍යාපනයින්ගේ වෘත්තීය ජාලයකට සම්බන්ධ වීමේ ආකර්ෂණීය ගමනක පළමු පියවර මෙයයි. MIE එකක් වීමට ඔබට ලකුණු උපයා ගත හැකි ආකාරය ඉගෙන ගන්න.



සුහුරු පාසල් තානාපති කණ්ඩායම මයික්‍රොසොෆ්ට් අධ්‍යාපන ප්‍රජාව හා එක්ව කටුයුතු කරන අතර ඔවුන් එහි පාඨමාලා හැදෑරීමද සිදු කරති.
        සුහුරු පාසල් තානාපති මනෝජ් ධනංජය ගේ ගිණුමේ සටහනක්...




      

      
         සුහුරු පාසල් තානාපති  සචිත්‍රා ප්‍රභානි සමින්දිකා ගේ ගිණුමේ සටහනක්...

අප පාසලේ අනෙකුත් ගුරුභවතුන්ටත් මෙවැනි ගිණුම් නිර්මාණය කර ගෙන පාඨාමාලා හැදෑරිය හැකි අතර ඒ මගින් තම දැනුම වැඩි දියුණු කර ගැනීමට හා දැනුම බෙදා හදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
වැඩි විස්තර සහා පහත ලේඛණය බාගත කර ගන්න.


Blog Sites

බ්ලොග් අඩවියක් (“වෙබ්ලොග්”) යනු කාලානුක්‍රමික පිළිවෙලට තොරතුරු පෙන්වන ඔන්ලයින් ජර්නලයක් හෝ තොරතුරු වෙබ් අඩවියකි. එය ලේඛකයෙකු හෝ ලේඛකයින් කණ්ඩායමක් පවා තනි විෂයයක් පිළිබඳව තම අදහස් බෙදා ගන්නා වේදිකාවකි.
අප පාසල සහාද මෙලෙස බ්ලොග් අඩවියක් සුහුරු පාසල් තානාපති කණ්ඩායම විසින් පවත්වාගෙන යන අතර පහත ලිපිනයෙන් ඔබට ඒ සහා පිවිසිය හැක.

සුහුරු පාසල් ව්‍යාපෘතිය පිළිබදව විශේෂයෙන් දැන ගැනීම සදහා



පුහුණු වැඩසටහන අතරතුරදී ලබාගත් ජායාරූප කිහිපයක්.......





















 බ්ලොග් සටහන - මනෝජ් ධනංජය ( තොරතුරු තාක්ෂණ විෂය ගුරු)
     manojdhananjaya@gmail.com 

                           

1 comment:

  1. we hope to join with these activities during the ICT lessons...
    -agbo uddika bandara grade (10 ICT student)

    ReplyDelete