Friday, October 18, 2019

2019/10/09

පාසලට පැමිණි නවක ගුරුභවතුන් උදෙසා සුහුරු පාසල් සංකල්පය හදුන්වා දීම..

     අප පාසලට මෑතකදී එකතු වූ නව ගුරුභවතුන් සදහා සුහුරු පාසල් සංකල්පය හදුන්වාදීම හා Microsoft Educator Community හදුන්වාදීම අද දින පාසල් වේලාවෙන් පසු පැවති පුහුණු වැඩමුළුවකදී සිදුවුණි. මේ සදහා ගුරුභවතුන්  14 දෙනෙකු පමණ සහභාගි වූ අතර සුහුරු පාසල් කණ්ඩායමේ මනෝජ් ධනංජය, සචිත්‍රා ප්‍රභානි සමින්දිකා, මේනකා මධුසංඛා හා අමාලි හසන්තිකා යන නියෝජිතයන් සම්පත් දායකත්වය ලබා දුන්හ. 
මුලින්ම සුහුරු පාසල් සංකල්පය හදුන්වාදීමක් සිදු කල අතර පසුව පහත සදහන් ක්‍රියාකාරකම් සිදු කරන ලදි.


  • විද්‍යුත් තැපැල් ගිණුමක් නොමැති ගුරුභවතුන් සදහා ගිණුමක් නිර්මාණය කිරීම.


  • විද්‍යුත් තැපැල් ගිණුම් පරීක්ෂාව හා පාසල සමග සන්නිවේදන කටයුතු සදහා එය යොදා ගත හැකි ආකාරය සාකච්ජා කිරීම.


  • පාසලේ නිල විද්‍යුත් තැපැල් ගිණුම හදුන්වා දීම.


  • සුහුරු පාසල් ක්‍රියාකාරකම් පිළිබද කරුණු සන්නිවේදනය කරන පාසල් බ්ලොග් අඩවිය හදුන්වාදීම.

  • Microsoft Community හදුන්වාදීම හා එහි වැදගත්කම පැහැදිලි කිරීම.

  • Microsoft Community තුළ ගිණුම් නිර්මාණය කිරීම.

මෙහිදි අද දිනය තුළ ගුරුභවතුන් සියළු දෙනා ගිණුම් නිර්මාණය කර ගන්නා ලදි.

  • Microsoft Community තුළ ඇති පාඨමාලා හදාරණ අයුුරු, ලකුණු (points) හා ලාංජන (badges) උපයා ගන්නා අයුරු සාකච්ජා කිරීම. 


  • ලකුණු (points) හා ලාංජන (badges) උපයා ගෙන Microsoft Innovative Educator Expert (MIEE)  කෙනෙකු වන අයුරු සාකච්ජා කිරීම. 









මෙම වැඩසටහන සදහා සකස් කරන ලද විස්තර පත්‍රිකාව මෙසේය.







ඉදිරි දිනවලදී මෙම පුහුණු වැඩසටහනේ තවත් අදියර පැවැත්වීමට නියමිත අතර එහිදී සුහුරු පාසල් සංකල්පය පාසල තුළ භාවිතය සම්බන්ධව සාකච්ජා කිරීමට නියමිතය.



Wednesday, October 2, 2019

Hour of Code - Minecraft for Grade 9B Students

09 B ශ්‍රේණියේ සිසුන් සදහා  ප්‍රෝග්‍රෑම්කරණයට ආරම්භයක්

Hour of Code - Minecraft for Grade 9B Students

දිනය - 2019.10.02



     Hour of Code වැඩසටහන මේ දිනවල සිසුන් අතර ජනප්‍රිය වෙමින් පවතී. බොහෝ සිසුන්ට මුල්වරට එම වැඩසටහන හදුන්වාදීමෙන් පසුව වැඩිදෙනෙකු නිවසේදීද එම වැඩසටහන උත්සාහ කර තිබුණි.
ඒ අනුව අප විද්‍යාලයේ 9B ශ්‍රේණිය සිසුන් සදහා Hour of Code වැඩසටහන අද දින 07 වන කාලච්ජේදයේදී හදුන්වා දුනි. 9B ශ්‍රේණියේ සිසුන් 40 ක් පමණ මේ සදහා සහභාගි විය.
     Minecraft Voyage Aquatic වැඩසටහනේ පියවර සම්පූර්ණ කිරීමට එහිදී සිසුන් විසින්  උත්සාහ කරන ලදි. බොහෝ සිසුන් එම වැඩසටහනේ පියවර 4ක් හෝ 5ක් සාර්ථකව සම්පූර්ණ කළහ. කෙසේ වෙතත් පැවති අභියෝගය වූයේ මේ වන විට පරිගණක විද්‍යාගාරයේ පරිගණක ක්‍රියාත්මක තත්වයේ පවතින්නේ 30 ක් පමණ වීමයි. මේ නිසා සමහර පරිගණකවල සිසුන් දෙදෙනෙකුට අසුන් ගැනීමට සිදු විය.










බ්ලොග් සටහන හා Hour of code වැඩසටහන පැවැත්වීම - 
       

Tuesday, October 1, 2019

Hour Of Code - Minecraft For Grade 9 Students


Hour Of Code - Minecraft For Grade 9 Students
09 ශ්‍රේණිය සිසුන් සදහා Hour of Code - 2019/09/16

     09 ශ්‍රේණිය තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂය යටතේ 03 වන ඒකකය වෙන් වී ඇත්තේ ක්‍රමලේඛ ගොඩනැගීම නම් පාඩමයි. එහිදී අවධානය යොමු වන්නේ සිසුන්ගේ ක්‍රමලේඛ ගොඩනැගීමේ කුසලතාවය ඉහළ නැංවීමයි.

     මෙම පාඩම ඉගැන්වීමේදී ප්‍රෝග්‍රෑම්කරණය පිළිබද මූලික දැනුම ප්‍රශ්ණකරණය හා සාකච්ජා ඔස්සේ සිසුන්ට ලබා දුන් අතර එහි ප්‍රායෝගික කොටස් සම්පූර්ණ කිරීම සදහා පරිගණක විද්‍යාගාරය තුළදී Hour Of Code – Minecraft වැඩසටහන අද දින 09 C ශ්‍රේණිය සදහා 06 වන කාලච්ජේදයේදී හදුන්වා දුනි.
     ප්‍රෝග්‍රෑම්කරණය වැනි සිසුන් මුලදී එතරම් කැමැත්තක් ලබා නොදෙන මාතෘකාවක් වඩා පහසුවෙන් අවබෝධ කරවීම සදහා Hour Of Code – Minecraft අද දින භාවිතා කිරීමට හැකි විය.
     මීට පෙර අවස්ථාවකදී මෙම වැඩසටහන 10 ශ්‍රේණිය ICT විෂයය ඉගෙන ගන්නා සිසුන් වෙත හදුන්වා දුන් අතර අද දින හදුන්වා දුන්නේ ICT විෂයය ප්‍රධාන විෂයයක් ලෙස ඉගෙන නොගන්නා සිසුන් වෙතයි.
    කෙසේ වෙතත් අද දින හදුන්වා දුන් වැඩසටහන සිසුන් විසින් ඉතා ඉක්මනින් හදුනා ගත් අතර විනෝදයෙන් යුතුව Minecraft තුළ ඇති ගැටළු විසදන ලදි.
තරමක් සෙමින් ගැටළු විසදමින් සිටි සිසුන් වෙත ඔවුනගේ අසල සිටින මිතුරන්ගෙන් විමසමින් එම ගැටළු විසදා ගැනීමට පෙළෙඹන ලදි.
පහතින් දැක්වෙන්නේ එම පාඩම අතරතුරදී ලබා ගත් ජායාරූප කිහිපයකි.










  •          Hour of Code වැඩසටහන පැවැත්වීම හා බ්ලොග් සටහන - මනෝජ් ධනංජය....

Saturday, August 31, 2019

Nanasa Smart School MIE Expert Challenge


Nanasa Smart School MIE Expert Challenge
සුහුරු පාසල් ව්‍යාපෘතිය MIE Expert අභියෝගය



සුහුරු පාසල් ව්‍යාපෘතිය පිළිබද වැඩසටහන්වලදී එයට සහභාගි වූ ගුරුභවතුන් MIE EXPERT තරගාවලිය සදහා යොමු කරන ලදි. මෙම සටහන එම වැඩසටහන පිළිබදවයි.

MIE EXPERT යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ නවෝත්පාදන සමගින් නවමු ඉගෙනුම් අවස්ථා සිසුන්ට ලබාදෙන ලොව පුරා සිටින ගුරුවරුන් හා විවිධ මට්ටම්වල අධ්‍යාපනඥයන් එකිනෙකා සම්බන්ධ කිරීම හා ඔවුනමෙ දැනුම වැඩි කර ගැනීමට අවස්ථාව ලබා දීම සදහා ගොඩනගා ඇති වැඩසටහනකි.
සෑම වසරකම පවත්වනු ලබන නාමයෝජනා කැදවීමකින් පසුව මෙම තෝරා ගැනීම සිදු කරයි. මෙහිදී ඔවුන් ඉල්ලා  සිටින්නේ ගුරුවරයෙකු වශයෙන් පසුගිය වසරවල ඔබ විසින් ඉටු කරන ලද නවොත්පාදන ඉගෙනුම් අවස්ථා පිළිබදව විස්තර සපයන ලෙසයි. එහිදී විශේෂයෙන් තොරතුරු තාක්ෂණය පදනම් වන අවස්ථා පරීශීලනය අත්‍යාවශ්‍ය වේ. මේ අතර අන් අය මේ ක්ෂේත්‍රය කෙරෙහි උනන්දු කරවීම හා උත්ප්‍රේරණය කිරීම පිළිබදවද සොයා බැලේ.
අදාළ විස්තර ඇතුළත් කර Microsoft sway වැඩසටහන මගින් නිර්මාණය කළ නාමයෝජනාව Microsoft සමාගම වෙත යොමු කිරීමෙන් තරගය සදහා ඉදිරිපත් විය  හැක.
මේ සම්බන්ධ සියළු විස්තර පහත වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක.


Microsoft සමාගම දක්වන ආකාරයට MIE Expert ලෙස තේරී පත් වන අයට පහත අවස්ථා උදා කර ගත හැක..

MIE Experts have the following opportunities:

  • Access to professional and career development opportunities and certifications
  • Share your expertise with world-renowned educators and specialists to scale their innovations
  • Build educator capacity in your community (school, district or at training events) by speaking, training and/or coaching colleagues and inviting them to participate in the online Microsoft Educator Community
  • Participate in focus groups giving feedback to development teams on Microsoft products
  • Test new products while in beta form and participate in pre-release programs for certain education-related tools
  • Represent Microsoft through product demonstrations and by attending events
  • Collaborate with innovative educators around the globe
  • Host regional events showcasing your use of Microsoft technology in the classroom
  • Opportunity to nominate to become a Skype Master Teacher


2019 - 2020 සදහා එසේ ඉදිරිපත් කළ නාමයෝජනා අතරින් අප පාසල් කණ්ඩායම නියෝජනය කරන මනෝජ් ධනංජය ගුරුතුමාගේ නාම යෝජනාවද Microsoft සමාගම විසින් පිළිගෙන 2019 - 2020 වර්ෂ සදහා MIE Expert කෙනෙකු ලෙස තෝරා පත් කර ගෙන ඇත. සුහුරු පාසල් නියෝජිත ගුරුමහතුන් අතරින් එම අවස්ථාව කිහිප දෙනෙකුට පමණක් ලැබී තිබු අතර එවැනි අවස්ථාවක් අප පාසල වෙතද ලැබීම මෙම වැඩසටහනෙන් ලද ජයග්‍රහණයකි.

මෙම තරගාවලිය සදහා ඔහු විසින් ඉදිරිපත් කරන ලද Sway වැඩසටහන පහත ලිපිනය ඔස්සේ නැරඹිය හැක.
https://sway.office.com/m7iAmbH2rpU9n7y2?ref=Link&loc=play



මෙම වැඩසටහන සදහා ඉදිරිපත්වීමෙන් පසු එම විස්තර ඇතුළත් කරන ඔහුගේ ගිණුම පහත ලිපිනය ඔස්සේ නැරඹිය හැක.
https://education.microsoft.com/Status/Public?token=amCEzztl








මෙම වැඩසටහනට ඇතුළත්වීම පිළිබද විස්තර ඇතුළත් පත්‍රිකාවක් ලබා ගැනීම සදහා පහත ලින්ක් එක යොදා ගන්න.

https://drive.google.com/open?id=1sGUr3wdSXkWhZuRDkRBni-j-mSNeatlZ

බ්ලොග් සටහන - මනෝජ් ධනංජය...
















Nanasa Smart School Day 05 - 2019/08/07


Nanasa Smart School Day 05 - 2019/08/07
සුහුරු පාසල් ව්‍යාපෘතිය පස්වන දින වැඩසටහන

අද දින වැඩසටහනේ උදය වරුවේදී එක් එක් පාසල සදහා වූ සුහුරු පාසල් සැලැස්ම සම්පූර්ණ කිරීමේ කටයුතු සිදු කෙරිණ.


















INTERACTIVE TOOLS අන්තර්ක්‍රියාකාරී මෙවලම්.
SIMULATION TOOLS
Simulation Tools භාවිතා කරමින් යම් ක්‍රියාකාරකමකට අදාළ පහසුවෙන් ප්‍රදර්ශණය කළ නොහැකි දේවල් තිරයක් තුළ ප්‍රදර්ශණය කර දැක්විය හැකිය.
INTERACTIVE TOOS APPLICATIONS
  •      LIFELIQYE
  •      SENSAVIS
  •      PHET
  •      MEMU APPS
  •      MOSAIC 3D 
  •      HUMAN BODY 3D

SENSAVIC
Windows 10 තුළ ස්ථාපනය කළ යුතු මෘදුකාංගයකි.
































Educational Games
අධ්‍යාපනික පරිගණක ක්‍රීඩා භාවිතා කරමින් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කළ හැකිය.
Learninggamesforkids.com
Education.com/games/math
Eduation.com/games/ela
Helpfulgames.com/subject


































Virtual Reality (VR)
යම් මාතෘකාවක් හෝ කරුණක් පිළිබදව පැහැදිලි කිරීමේදී එය පිළිබදව සැබෑ අද්දැකීමකට සමාන අත්දැකීමක් ලබා දීම සදහා VR තාක්ෂණය යොදා ගත හැකිය.
මෙහිදී වීඩියෝ නැරඹීම සිදු කල හැකි අතර ඒ සදහා වීශේෂිත කැමරාවක් භාවිතා කළ යුතුය. 

















VR Glasses ලෙස හදුන්වන මෙම කැමරාව පැළද ගෙන වීඩියෝ නැරඕය යුතුය. එහිදී නරඹන්නාට තමා එම වීඩියෝව සහිත පසුබිමේ සිටිමින් එය නරඹන බවක් දැනෙන නිසා සැබෑ අද්දැකීමට ඉතා සමීප අද්දැකීමක් ලබා ගැනීමට හැකි වේ.


Creator AVR 
















ජංගම දුරකථනය භාවිතා කර VR තාක්ෂණය සහිත ආකෘති නිර්මාණය කර ඒවා ජංගම දුරකථනය තුළින් නැරඹීම සදහා මෙම වෙබ් අඩවිය භාවිතයට ගත හැකිය.
3D Paint












3D ආකෘතියේ නිර්මාණ සිදු කිරීම සදහා Windows සමාගම විසින් හදුන්වා දී ඇති මෘදුකාංගයකි.


වෙබ් අඩවියක් ඇසුරෙන් ප්‍රශ්ණවිචාරාත්මක වැඩසටහනක් පවත්වමු.

Kahoot.it යන වෙබ් අඩවිය භාවිතා කරමින් සිසුන් කණ්ඩායමකට එකවර සහභාගි විය හැකි ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනක් පැවැත්වීම සිදු කළ හැකිය. මෙහිදී එක් ප්‍රශ්ණයක් ප්‍රධාන තිරයක සියළු දෙනාට පෙනෙන්නට සලස්වන අතර පිළිතුරු ලබා දීම සදහා එකම කාලයක් ලබා දේ. ඉක්මනින්ම පිළිතුරු ලබා දුන් පුද්ගලයාට ලකුණ හිමි වේ.
සිසුන්ගේ දැනුම පරීක්ෂා කරන කණ්ඩායම් ක්‍රීඩාවක් වශයෙන් මෙය ඉතා සාර්ථකව සිදු කළ හැක.


  1. create your questions in kahoot.com      https://kahoot.com 
  2. Take the pin of your question paper
  3. Tell students to log on with kahoot.it       https://kahoot.it
  4. Ask them to play the game....                                                                  
























































Microsoft One Note

මයික්‍රොසොෆ්ට් වන්නෝට් යනු නිදහස් ආකෘති තොරතුරු රැස් කිරීම සහ බහු-පරිශීලක සහයෝගීතාව සඳහා වූ පරිගණක වැඩසටහනකි. එය පරිශීලකයින්ගේ සටහන් (අතින් ලියන ලද හෝ ටයිප් කළ), චිත්‍ර, තිර පිටපත් සහ ශ්‍රව්‍ය විවරණ එකතු කරයි. සටහන් අන්තර්ජාලය හරහා හෝ ජාලයක් හරහා වෙනත් OneNote භාවිතා කරන්නන් සමඟ බෙදා ගත හැකිය.

















අතුරු මිතුරු ජංගම මෘදුකාංග යෙදුම.
Athuru mithuru Android App.
https://www.dialog.lk/athuru-mithuru-app/


Athuru Mithuru App

Athuru Mithuru gives children and adults who are non-verbal or who have difficulty speaking, a voice at the tap of a picture. This customisable app is child and caregiver-friendly and helps therapists and educators bring out the maximum potential in children. While the app contains pre-programmed picture-voice combinations, the user can capture and/or upload new pictures and record voice clips as they require. Every individual users’ configurations will be stored on an external server which means the user doesn’t have to re-configure the app every time they change their device.
Athuru Mithuru is Sri Lanka’s first ever tri-lingual Assistive and Augmentative Communication app and can be downloaded for FREE on the Play Store.














MIE Expert Selection Program

අද දින වැඩසටහනේදී සිදු වූ වැදගත් සිදුවීම් අතර මීට පෙර වැඩසටහන්වලදී හදුන්වා දුන් Microsoft Educator Comunity හා සම්බන්ධ MIE Expert වැඩසටහනට සම්බන්ධවීම සදහා නාම යෝජනා භාරදීමෙන් පසු Microsoft සමාගම විසින් MIE Expert ලෙස තෝරා ගත් අය හදුනා ගැනීමයි. අද දින කණ්ඩායමෙන් එසේ සුුදුසකම් ලැබූවන් 5 දෙනෙකු පමණ සිටි අතර ඒ අතර අප විද්‍යාලයෙන් නාම යෝජනා භාරදුන් මනෝජ් ධනංජය ගුරුතුමාද තේරී පත් විය.


බ්ලොග් සටහන - මනෝජ් ධනංජය...



Tuesday, August 27, 2019


Hour of Code – Minecraft….

      


පසුගිය දිනවල සුහුරු පාසල් වැඩසටහනේදී අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබැණු වැඩසටහන ප්‍රායෝගිකව සිසුන්ට හදුන්වාදීම අප  පාසලේ පරිගණක විද්‍යාගාරය තුළදී සිදු කෙරිණ. මෙහිදී 10 ශ්‍රේණිය විෂයය හදාරණ සිසුන්ට මෙම වැඩසටහන හදුන්වා දුන් අතර මුල් හදුන්වාදීමේ වැඩසටහනෙන් පසුව ඔවුන් ඉතා උද්යෝගයෙන් එම වැඩසටහනේ ඉදිරි කොටස් සම්පූර්ණ කරන ලදි.

2019 දෙවන පාසල් වාර විභාගය අවසාන වී 10 ශ්‍රේණියේ සිසුන්ට විවේක දින කිහිපයක් ලැබුණු අතර එම දිනවලදී සිසුන් පරිගණක විද්‍යාගාරය තුළදී මෙම වැඩසටහනට සහභාගි විය.
මෙහිදී ඇති වූ විශේෂ තත්වයක් වූයේ මුල් දින කිහිපයේ සහභාගි වූ සිසුන්ගේ යොමු කිරීම මත වෙනත් සිසුන්ද වැඩසටහන සදහා සහභාගි වීමයි. තවද පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුත්තකදී මෙන් නොව සිසුන් ඔවුනට මතු වන ගැටළු ඔවුන් විසින්ම විමසා උද්යෝගයෙන් යුතුව ඒවාට විසදුම් ලබා ගැනීම මෙහිදී සිදු විය.

පහතින් දැක්වෙන්නේ එසේ සිසුන් සහභාගි වූ අවස්ථා කිහිපයකි.
































මෙම සිසුන් Hour Of Code – Minecraft තුළින් සහතික පත් දිනා ගත් අතර ඒවා කිහිපයක් පහතින් දැක්වේ.













Hour of Code වැඩසටහන හදුන්වාදීම හා බ්ලොග් සටහන 
- මනෝජ් ධනංජය...