Friday, October 18, 2019

2019/10/09

පාසලට පැමිණි නවක ගුරුභවතුන් උදෙසා සුහුරු පාසල් සංකල්පය හදුන්වා දීම..

     අප පාසලට මෑතකදී එකතු වූ නව ගුරුභවතුන් සදහා සුහුරු පාසල් සංකල්පය හදුන්වාදීම හා Microsoft Educator Community හදුන්වාදීම අද දින පාසල් වේලාවෙන් පසු පැවති පුහුණු වැඩමුළුවකදී සිදුවුණි. මේ සදහා ගුරුභවතුන්  14 දෙනෙකු පමණ සහභාගි වූ අතර සුහුරු පාසල් කණ්ඩායමේ මනෝජ් ධනංජය, සචිත්‍රා ප්‍රභානි සමින්දිකා, මේනකා මධුසංඛා හා අමාලි හසන්තිකා යන නියෝජිතයන් සම්පත් දායකත්වය ලබා දුන්හ. 
මුලින්ම සුහුරු පාසල් සංකල්පය හදුන්වාදීමක් සිදු කල අතර පසුව පහත සදහන් ක්‍රියාකාරකම් සිදු කරන ලදි.


  • විද්‍යුත් තැපැල් ගිණුමක් නොමැති ගුරුභවතුන් සදහා ගිණුමක් නිර්මාණය කිරීම.


  • විද්‍යුත් තැපැල් ගිණුම් පරීක්ෂාව හා පාසල සමග සන්නිවේදන කටයුතු සදහා එය යොදා ගත හැකි ආකාරය සාකච්ජා කිරීම.


  • පාසලේ නිල විද්‍යුත් තැපැල් ගිණුම හදුන්වා දීම.


  • සුහුරු පාසල් ක්‍රියාකාරකම් පිළිබද කරුණු සන්නිවේදනය කරන පාසල් බ්ලොග් අඩවිය හදුන්වාදීම.

  • Microsoft Community හදුන්වාදීම හා එහි වැදගත්කම පැහැදිලි කිරීම.

  • Microsoft Community තුළ ගිණුම් නිර්මාණය කිරීම.

මෙහිදි අද දිනය තුළ ගුරුභවතුන් සියළු දෙනා ගිණුම් නිර්මාණය කර ගන්නා ලදි.

  • Microsoft Community තුළ ඇති පාඨමාලා හදාරණ අයුුරු, ලකුණු (points) හා ලාංජන (badges) උපයා ගන්නා අයුරු සාකච්ජා කිරීම. 


  • ලකුණු (points) හා ලාංජන (badges) උපයා ගෙන Microsoft Innovative Educator Expert (MIEE)  කෙනෙකු වන අයුරු සාකච්ජා කිරීම. 









මෙම වැඩසටහන සදහා සකස් කරන ලද විස්තර පත්‍රිකාව මෙසේය.







ඉදිරි දිනවලදී මෙම පුහුණු වැඩසටහනේ තවත් අදියර පැවැත්වීමට නියමිත අතර එහිදී සුහුරු පාසල් සංකල්පය පාසල තුළ භාවිතය සම්බන්ධව සාකච්ජා කිරීමට නියමිතය.



Wednesday, October 2, 2019

Hour of Code - Minecraft for Grade 9B Students

09 B ශ්‍රේණියේ සිසුන් සදහා  ප්‍රෝග්‍රෑම්කරණයට ආරම්භයක්

Hour of Code - Minecraft for Grade 9B Students

දිනය - 2019.10.02



     Hour of Code වැඩසටහන මේ දිනවල සිසුන් අතර ජනප්‍රිය වෙමින් පවතී. බොහෝ සිසුන්ට මුල්වරට එම වැඩසටහන හදුන්වාදීමෙන් පසුව වැඩිදෙනෙකු නිවසේදීද එම වැඩසටහන උත්සාහ කර තිබුණි.
ඒ අනුව අප විද්‍යාලයේ 9B ශ්‍රේණිය සිසුන් සදහා Hour of Code වැඩසටහන අද දින 07 වන කාලච්ජේදයේදී හදුන්වා දුනි. 9B ශ්‍රේණියේ සිසුන් 40 ක් පමණ මේ සදහා සහභාගි විය.
     Minecraft Voyage Aquatic වැඩසටහනේ පියවර සම්පූර්ණ කිරීමට එහිදී සිසුන් විසින්  උත්සාහ කරන ලදි. බොහෝ සිසුන් එම වැඩසටහනේ පියවර 4ක් හෝ 5ක් සාර්ථකව සම්පූර්ණ කළහ. කෙසේ වෙතත් පැවති අභියෝගය වූයේ මේ වන විට පරිගණක විද්‍යාගාරයේ පරිගණක ක්‍රියාත්මක තත්වයේ පවතින්නේ 30 ක් පමණ වීමයි. මේ නිසා සමහර පරිගණකවල සිසුන් දෙදෙනෙකුට අසුන් ගැනීමට සිදු විය.










බ්ලොග් සටහන හා Hour of code වැඩසටහන පැවැත්වීම - 
       

Tuesday, October 1, 2019

Hour Of Code - Minecraft For Grade 9 Students


Hour Of Code - Minecraft For Grade 9 Students
09 ශ්‍රේණිය සිසුන් සදහා Hour of Code - 2019/09/16

     09 ශ්‍රේණිය තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂය යටතේ 03 වන ඒකකය වෙන් වී ඇත්තේ ක්‍රමලේඛ ගොඩනැගීම නම් පාඩමයි. එහිදී අවධානය යොමු වන්නේ සිසුන්ගේ ක්‍රමලේඛ ගොඩනැගීමේ කුසලතාවය ඉහළ නැංවීමයි.

     මෙම පාඩම ඉගැන්වීමේදී ප්‍රෝග්‍රෑම්කරණය පිළිබද මූලික දැනුම ප්‍රශ්ණකරණය හා සාකච්ජා ඔස්සේ සිසුන්ට ලබා දුන් අතර එහි ප්‍රායෝගික කොටස් සම්පූර්ණ කිරීම සදහා පරිගණක විද්‍යාගාරය තුළදී Hour Of Code – Minecraft වැඩසටහන අද දින 09 C ශ්‍රේණිය සදහා 06 වන කාලච්ජේදයේදී හදුන්වා දුනි.
     ප්‍රෝග්‍රෑම්කරණය වැනි සිසුන් මුලදී එතරම් කැමැත්තක් ලබා නොදෙන මාතෘකාවක් වඩා පහසුවෙන් අවබෝධ කරවීම සදහා Hour Of Code – Minecraft අද දින භාවිතා කිරීමට හැකි විය.
     මීට පෙර අවස්ථාවකදී මෙම වැඩසටහන 10 ශ්‍රේණිය ICT විෂයය ඉගෙන ගන්නා සිසුන් වෙත හදුන්වා දුන් අතර අද දින හදුන්වා දුන්නේ ICT විෂයය ප්‍රධාන විෂයයක් ලෙස ඉගෙන නොගන්නා සිසුන් වෙතයි.
    කෙසේ වෙතත් අද දින හදුන්වා දුන් වැඩසටහන සිසුන් විසින් ඉතා ඉක්මනින් හදුනා ගත් අතර විනෝදයෙන් යුතුව Minecraft තුළ ඇති ගැටළු විසදන ලදි.
තරමක් සෙමින් ගැටළු විසදමින් සිටි සිසුන් වෙත ඔවුනගේ අසල සිටින මිතුරන්ගෙන් විමසමින් එම ගැටළු විසදා ගැනීමට පෙළෙඹන ලදි.
පහතින් දැක්වෙන්නේ එම පාඩම අතරතුරදී ලබා ගත් ජායාරූප කිහිපයකි.










  •          Hour of Code වැඩසටහන පැවැත්වීම හා බ්ලොග් සටහන - මනෝජ් ධනංජය....